FOREX TRADING JOBS





What is forex ? Forex යනු කුමක්ද ?

අන්තර්ජාලයේ මුදල් ඉපයීමේ සුපිරි රහස  කියල ගොඩක් අය  forex හඳුන්වන්නේ.  මේ කතාවේ වැරැද්දකුත් නැහැ . එත් මේක අර්ධ සත්‍යයක් . අන්තර්ජාලයේ මුදල් ඉපයීමේ සහ මුදල් නැති කරගැනීමේ සුපිරි රහස කියල මේක වෙනස් කරගන්න ඕනේ.

දැන් අපි බලමු මේ  forex  කියන්නේ මොකක්ද කියල , ඔයගොල්ලෝ  අහල ඇති   stock market  ඒක ගැන . අන්න ඒ වගේ  එකක් තමයි  forex market  ඒක කියන්නේ. වෙනස තියෙන්නේ  stock   market  එකේ අලෙවි වන්නේ සමාගම් කොටස් උනාට   forex market  එකේ අලෙවි වන්නේ මුදල් . එච්චරම පැහැදිලි නැහැ නේද ? 
 forex කියන්නේ Forgien Exchange  කියන වචන දෙකෙන් හැදුන තනි වචනයක් . දැන්  අපි බලමු  forex trade  කරන්නේ එහෙම නැත්නම් සල්ලි විකුනන්නේ කොහොමද කියල . 
දැන්  හිතන්න ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 100 කියල.  අපි රුපියල් 1000 දීල  අද ඇමරිකන් ඩොලර් 10ක් ගන්නවා .  තව  පැය කිහිපයකට පස්සේ ඒක පාරට ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 115  වෙනවා. එතකොට අපි අකරන්නේ අපි ගාව තිබුන ඩොලර් 10 දීලා ඒවා ආයිත්  රුපියල් බවට පත් කරගන්නවා. එතකොට  අපිට ලැබෙන මුදල 115 * 10 = 1150       ඒ කියංනෙ රුපියල් 150ක ලාබයක්. ඔන්න ඔය දේ  තමයි අපි  forex  කියල කරන්නේ. මම හිතනවා  forex  ගැන දල අදහසක් ලැබුනා කියල.

\දැන් කස්ටිය හිතනවා ඇති ක්‍රමය තේරුනාට මේකෙන් විශාල මුදලක් හොයන්න මුදලේ ලොකු වැඩිවීමක් සමග අප ආයෝජනය කලයුතු මුදල් ප්‍රමාණයත් වැඩිවිය යුතුයි. එහෙම නැත්නම් වැඩක් නැහැ කියල. බය වෙන්න එපා  අපි ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. අනිත් පාඩම් ටික යද්දී ඒක තේරෙයි. 
 





No comments:

Post a Comment